මෙම පාඩමෙන් බුදු පිළිමයක් නිර්මාණය කරගන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්, බුදු පිළිම නෙලීමේදී මාධ්‍ය හසුරවන විදිය, කළු ගල් බුද්ධ ප්‍රතිමා නෙලන්නෙ කොහොමද?, අඹනව කියන්නෙ මොකක්ද? වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය මොනවගේද? මේ ක්‍රමවල තියෙන වෙනස්කම් අධ්‍යයනය කල හැකිය.
මෙම පාඩම මගින් බුදු පිළිම හිඳුවා තිබෙන ආකාරය හෙවත් ආසන ක්‍රම වීරාසන ක්‍රමය, පද්මාසන ක්‍රමය, භද්‍රාසන ක්‍රමය, ආසනය හා ආසන ක්‍රමය අතර වෙනස, ඒ වාගේම පිළිමයක මුහුනේ ලක්ෂණ උෂ්ණීසය කියන්නෙ මොකක්ද?, සිරස්පත, අක්බඹරූ හිස කෙස් යනු කුමක්ද? බුදු පිළිමවල මුහුණේ ලක්ෂණ, ගන්ධාර බුදු පිළිමය අධ්‍යයනය කල හැකිය.
ගොඩක් බුදුපිළිමවල අත්වල ඇති ඉරියව් එකෙනෙකට වෙනස්ය. ඒවාට කියන්නේ හස්ත මුද්‍රා කියල. පිළිම ගැන පැහැදිළි විචාරයක් කරන්න මේ හස්ත මුද්‍රා වලින් කියවෙන දේ පිළිබඳව සිසුන් දැනගන්න ඕන. ඒ පිළිබඳව සහ බුදු පිළිම වර්ග ඒ කිව්වේ සක්මන් පිළිම, සැතපෙන පිළිම, හිඳි පිළිම, හිටි පිළිම, ගැන මෙම පාඩමෙන් උගත හැකිය.
අල්පෝන්නත, අර්ධ උන්නත, අධි උන්නත, පූර්ණ උන්නත ශිල්ප ක්‍රම මෙන්ම ඒකාංශ චීවර, උභයාංශ චීවර, රැළි සහිත චීවර, ඇඟට ඇලුන චීවර පිළිබඳව මෙම පාඩටමන් ඉගෙන ගන්න පුළුවන්
ප්රාග් ඓතිහාසික යුගය ඇල්ටමයිරා ගුහාව ගැන සියළු විස්තර දැනගන්න මෙම පාඩමෙන් පුළුවන්.
යුරෝපයේ ප්රාග් ඓතිහාසික යුගයට අයත් ලැස්කෝ ගුහාව ගැන සියළු තොරතුරු මෙම පාඩමෙන් දැනගන්න පුළුවන්.
විවිධ මානව ඉරියව් රේඛාවෙන් අඳිමු
වාටි මෝස්තර wati mosthara
කුඩරෙද්දක් සඳහා සැරසිල්ලක් නිර්මාණය කරමු
පෙට්ටියක්, වතුර බොන කුඩා මග් එකක්, ඇන්තූරියන් මල් පැළයක් සහිත ලීටරයේ හිස් සායම් බඳුනක්, රෙදිකඩක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු.
පෙට්ටියක්, වතුර බොන කුඩා මග් එකක්, රෙදිකඩක්, කුඩා මැටි කළයක දැමූ අරලිය මල් සහ කොළ සහිත අත්තක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු.
පෙට්ටියක්, පොල් ගෙඩියක්, රෙදිකඩක්,
ප්ලාස්ටික් ජෝගුවක දැමූ අරලිය මල් සහ කොළ සහිත අත්තක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු.
ඝනකාභ හැඩැති වස්තුවක්, ගස්ලබු ගෙඩියක්,
කහ මල් සහිත අත්තක්, රෙදි කඩක් සම්පිණ්ඩනය කර වර්ණ ගන්වමු.
පෙට්ටියක්, වීදුරු බෝතලයක දැමූ
ක්‍රෝටන් අත්තක්, රෙදිකඩක් සම්පිණ්ඩනය කර වර්ණ කරමු. රේඛාවෙන් අධ්‍යයනය කරමු
No comments:
Post a Comment